උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ව පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් හා පක්ෂයෙන් ඉවත් කීරීමට කටයුතු කරන ලෙසට දෙමළ ජාතික සන්ධානයට ප්‍රබල බලපෑමක් එල්ලවී ඇති බව දේශපාලන ආරංචි මාර්ගව වලින් වාර්තා වේ.
යහපාලන ආණ්ඩුවේ පාර්ශවවලින් සහ දෙමළ දේශපාලන පක්ෂවලින් මෙම බලපෑම් එල්ලවී ඇති බවද පැවසේ.
එම හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් සී. වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කිරීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, තමිල් අරසු පක්‌ෂයේත් අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
දකුණේ ජාතිවාදය ඇවිස්‌සෙන අයුරින් උතුරේ සුළු කණ්‌ඩායමක් සමග කටයුතු කරමින් රටේ ඒකීයභාවයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නිසා විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව එම පක්‌ෂ දෙකේ බහුතර මතය වී ඇති බවද පැවසේ.
‘දෙමළුනි නැගිටිව්’ යන තේමාව යටතේ පසුගියදා විග්නේෂ්වරන් මහතා විසින් මෙහෙය වූ විරෝධතාව ඔහුගේ නොමනා ක්‍රියාකලාපයට එරෙහිව මෙම පියවර ගැනීම සඳහා වන ආසන්නතම හේතුව බවද වාර්තා වේ.
නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක් සකස් කරමින් ද්‍රවිඩ ජනතාව ඇතුළු රටේ සුළුතරයට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් එවන් අවස්‌ථාවක දකුණේ ජාතිවාදය උත්සන්න වන ආකාරයට ක්‍රියාකරමින් විග්නේෂ්වරන් මහතා කටයුතු කරන ආකාරය පිළිබඳ තානාපති නිලධාරීන් කිහිපදෙනෙක් දැනටමත් අප්‍රසාදය පළ කර ඇති බවත් දෙමල ජාතික සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් කැඳවනු ලැබූ “එළඟු තමිල්” විරෝධතාව සඳහා සහභාගි වූ වැඩි පිරිස විශ්ව විද්‍යාල සිසුන් වන අතර ඊට උතුරු පළාතේ ජනතාවගේ සහයක් පළ නොවූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ඒ අනුව සී.වී. විග්නේෂ්වරන් ගැන ඉදිරි සති දෙක ඇතුළත දෙමළ ජාතික සන්ධානය දැඩි තීරණයක් ගැනීමට නියමිතය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.