වසර 16 ක පමණ කාලයක් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වෙමින් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කළ නමුත් චමින්ද වාස් තරම් කැපවීමෙන් පුහුණුවීම් කළ වේග පන්දු යවන්නකු තමන් කිසිදා දැක නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රීකට් නායක කුමාර් සංගක්කාර පාසල් ක්‍රීකට් පුහුණු සැසියකට එක් වෙමීන් පැවසීය.
එසේම වාස් වැනි කී‍්‍රඩකයකු ශී‍්‍ර ලාංකිකයකු වූයේ ශී‍්‍ර ලංකාවේ වාසනාවට බව ඔහු මෙහිදි සඳහන් කළේය.
‘පී‍්‍රමා කුසලාන’ වයස 15 න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින බස්නාහිර පළාත් දකුණ (පිටත) සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම්වල කී‍්‍රඩකයන්ගේ පුහුණු සැසියකට එක්ව, කැපවීමෙන් පුහුණුවීම් කිරීමේ වටිනාකම කී‍්‍රඩකයන්ට පැහැදිළි කරමින් සංගක්කාර මේ බව පැවසීය.
”එතරම් දෝලනයක් හෝ ඉපිලීමක් නැති ශ්‍රී ලංකාවේ තණතීරු මතදී පවා කඩුල්ලේ මැද ඉන්න එල්ලයේ පන්දු යැවීමටත් කඩුල්ලෙන් දෙපසටම පන්දුව දෝලනය කිරීමටත් හැකිවූයේ ඔහු පුහුණුවීම් වලදී දැක්වූ කැපවීම නිසා බවත් සංගක්කාර මෙහිදි ක්‍රීඩකයන් වෙත පැහැදිලි කරමීන් පෙන්වා දුන්නේය.
”වතාවක් හරි අපූරු වැඩක් වුණා,වසර 2000 දී කොදෙව් පිලේ ශී‍්‍ර ලංකා සංචාරයේදී කි‍්‍රස් ගේල් පස් වතාවක්ම වාස් හමුවේ දැවී ගියා. තුන්වැනි ටෙස්ට් තරගයට ඉස්සරවෙලා (එස්. එස්. සී. පිටියේදී) උදේ කි‍්‍රස් ගේල් ඇවිත් මගෙන් ඇහැව්වා වාස් අදත් ගහනවාද කියලා…මම ඔව් කිව්වා එහෙනම් ඉතින් මම අදත් අවුට් තමයි’ කියලා ගේල් කලින්ම කිව්වා”
පන්දුවට පහර දෙන්න පැමීණ ස්වල්ප වෙලාවකින් සංගක්කාරට උඩපන්දුවක් දෙමින් කි‍්‍රස් ගේල් ලකුණු නොලබා දැවී ගිය බවද සංගතක්කාර පැවසීය.
”කඩුලූ රකිමින් හිටියේ මම. දැවී ගියාට පස්සේ එයා මං දිහා බලලා උරහිස් සොලවලා ආපසු කී‍්‍රඩාගාරයට ගියා” යයි කී සංගක්කාර වැඩිදුරටත් කීවේ චමින්ද වාස් ශී‍්‍ර ලාංකිකයකු වූයේ ශී‍්‍ර ලාංකිකයන්ගේම වාසනාවට බවයි.
එසේම කි‍්‍රස් ගේල් එම තරගයේ දෙවැනි ඉනිමේදීත් චමින්ද වාස් හමුවේ ලකුණු නොලබා දැවී බවද සංගකාර් වැඩි දුරත් ක්‍රීඩකයන් ඉදිරියේ පෙන්වා දුන්නේය.
වසර 2001 දී පැවැති එම තරගාවලියේදී චමින්ද වාස් හමුවේ පස් වතාවක් දැවී ගිය කි‍්‍රස් ගේල්ට ඉනිම 6 කදීම ලබාගත හැකිවූයේ ලකුණු 54 ක් පමණි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.