FAST NEWS

24×7 Around the Globe

ලසන්තගේ සිරුර ගොඩ ගන්නා තැනට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් – පොලිසීය කැමරාව පසුපස ලුහුබඳීයි..

සන්ඩේ ලීඩර් ලසන්ත වික්‍රමතුංගගේ සිරුර මීහිදන් කළ බොරුල්ල පොදු සුසාන භූමීයේ ඇති සොහොනට උඩින් මින් මද වේලාවකට පෙර ඩ්‍රෝන කැමරාවක් සැරි සැරීම නිසා එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගුවනින් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට එහි  සිටි පොලිස් නිළධාරීන්ට නොහැකිව ඇති බවත්  පැවසේ.

එසේම සුසාන භූමීයේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය නිළධාරීන් පැමීණ ඩ්‍රෝන කැමරා හිමිකරු සෙවීමට පියවර ගත්තද එය ව්‍යාර්ත වී ඇති බවද වාර්තා වේ.