පාදයේ ආබාධයක් හේතුවෙන් මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එක්වීමට අවකාශයක් ලැබී නොමැති ලසිත් මාලිංග තමන් හොඳින් පුහුණුවීම්වල නිරත වන බවත්, තම ආබාධය සුව වී ඇතැයි විශ්වාස කරන බවත් දිනපතා පුවත්පතකට අදහස් දක්වමීන් පවසා තිබේ.
“ඩිල්ෂාන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සමඟ අවසන් විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වුණත් මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ ගැන විමසිය යුත්තේ මගෙන් නොවෙයි තේරීම් කමිටුවෙන්” යැයි මාලිංග සඳහන් කර පුවත්පතට පවසා ඇත.
ඉදිරියේදී සිම්බාබ්වේ පැවැත්වෙන තරගාවලියට කැඳවීමක් ලැබුණොත් කුමක් කරන්නේ දැයි විමසා ඇති අවස්ථාවේදී පවසා ඇත්තේ “දැම්මොත් ගහනවා” යනුවෙන් හෙතම පවසා ඇත.
මාලිංගගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පුවත්පත තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් අදහස් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ මාලිංගගේ වෛද්‍ය වාර්තා අනුව ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
“සිම්බාබ්වේ සංචාරය සඳහා තවම පුහුණු සංචිතය නම් කළේ නැහැ. එය ඉදිරියේදී නම් කිරීමට බලාපොරොත්තු වෙනවා. මාලිංග ආබාධයකට ලක් වෙලා තියෙන නිසා ඔහුගේ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් අපි බලන් ඉන්නවා. තවම ඒ වාර්තාව අපට ලැබුණේ නැහැ. මාලිංග 100%ක් ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවෙනවා කියලා වෛද්‍ය වාර්තා අනුව ප්‍රකාශ වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ ඔහු සංචිතයට නම් කරනවා” යැයි පවසා ඇති සනත් ජයසූරිය මහාචාර්ය අර්ජුන ද සිල්වා හා වෛද්‍ය තරිඳු විජේසිංහ යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලබා දෙන එම වෛද්‍ය නිර්දේශය අනුව ඉදිරියේදී මාලිංග සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බවද සඳහන් කර තිබේ.
මේ අනුව අදාළ පුවත්පත මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන්ද කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයක ප්‍රතිඵල ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බවයි.
“මාලිංගගේ රෝගී තත්ත්වය දැන් හුඟක් හොඳයි කියලා අපට පේනවා. ඒ බව ඔහුත් සහතික කරලා තියෙනවා. ඒත් එම්.ආර්.අයි. ස්කෑන් එකක් කරන තුරු ඒ ගැන අපට කිසිම සහතිකයක් දෙන්න බැහැ. ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ මුම්බායිවලදී එම්.ආර්.අයි. ස්කෑන් එකක් කරලා අපට ගෙනැත් දෙන්නම් කියලා මාලිංග අපට කිව්වා. ඒක ලැබුණු පසුව අපට තාක්‍ෂණික වශයෙන් මාලිංගගේ තත්ත්වය සහතික කරගන්න පුළුවන්. ඒ අනුව එම වාර්තාව අපි ක්‍රිකට් ආයතනයට භාර දෙනවා” යනුවෙන්ද අර්ජුන මහතා සඳහන් කර ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.