FAST NEWS

24×7 Around the Globe

රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරේ…(update)

පෙරවරුවේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත මුදා හැර ඇත බව වාර්තා වේ.

+++++++++++++++++++++++++++++++++++(update)

කෙහෙළියගේ පුත් රමීත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනේ…

කොළඹ නිදහස් මාවතේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ රමිත බීමත්ව සිටින්නට ඇති බව පොලීසිය සැකකරයි.

කෙසේ වෙතත් ඒ බව සනාථ කර ගැනිම සඳහා රමිතව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන බවත්, අනතුරින් කිසිවෙකුට හානි වී නොමැති බවත් පොලීසිය පවසයි.

රමිත හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුතාද වෙයි.