සිය බැංකු ජාලයට නවතම පහසුකම් රැසක් සලසන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සවිකිරීමට යන බව මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි.
මෙම යන්ත්‍ර මගින් මුදල් ආපසු ගැනීම මෙන්ම තැන්පත් කිරීම, තුන්වැනි පාර්ශවයකට මුදල් තැන්පත් කිරීම හා කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඇති වියදම් පියවීම හා උපයෝගිතා බිල්පත් සඳහා ගෙවීම යන කාර්යයන් සිදුකළ හැකි බව එම බැංකුව පවසයි.
මේ වන විටත් මුදල් ආපසු ලබාගත හැකි ATM යන්ත්‍ර 638ක ජාලයක් කොමර්ෂල් බැංකුව සතුය.







