FAST NEWS

24×7 Around the Globe

සහීඩ් අප්රිඩිට හා සහීඩ් අජ්මාල්ගේ සමුගැනීමට අවස්ථාවක් නොමැතිවන ලකුණු..

එංගලන්තය සමඟ පසුගියදා පැවැති එක්දින තරගාවලිය 4-1ක් ලෙස පාකිස්තානය පරාජය ලැබුවද කොදෙව් සමඟ ඩුබායිහිදී පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහාද පාකිස්තානය මෙහෙයවීමේ වගකීම නැවතත් අසාර් අලීට පැවැරීමට එරට ක්‍රීකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රීඩා  පුවත් වාර්තා පවසයි.

එසේම කොදෙව්වන්ට එරෙහි තරග සංචාරයේ විස්සයි-20 තරගාවලියේදී සහීඩ් අෆ්රිඩිට හා සහීඩ් අජ්මාල්ට එක් විස්සයි-20 තරගයක් සමුගැනීමේ තරගයක් ලෙස ලබාදීමට පාකිස්තාන බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවද පැවසේ.

පසුගිය පෙබරවාරි හා මාර්තු මසදී ඉන්දියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නායකත්වයෙන් ඉවත් වූ සහීඩ් අෆ්රිඩිට සමුගැනීම තවත් තරගයක් ලබාදිය යුතු බව හිටපු පාකිස්තානු ක්‍රිකට් නායකයකු වූ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ඉන්සමාම් උල් හක් පවසා ඇතත්, එයට ක්‍රිකට් බලධාරීන් කිහිප දෙනකුගේ කැමැත්ත හිමිවී නොමැති බවද වාර්තා වේ.

එබැවින් සැප්තැම්බර් 26 වැනිදාපැවැත්වීමට නියමීත සාකච්ඡාවකින් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අෆ්රිඩි සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන් වේ.

තරග තුනකින් සමන්විත කොදෙව්-පාකිස්තාන විස්සයි-20 තරගාවලිය සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමීතය.