FAST NEWS

24×7 Around the Globe

මහින්ද ජනපතිවරණයෙන් පරාජයට පත් විමෙන් නවදිල්ලිය සතුටු වුණු හේතු දෙක මෙන්න..

2015 වසරේ පැවැති ජනපතිවරණයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමත්, රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරටය පත්විමත් හේතුවෙන් නවදිල්ලිය සතුටු වූ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී ඔහුගේ පාලනයේ ක්‍රියාමාර්ග දෙකක් සම්බන්ධයෙන් ඉන්දියාව අසතුටුටෙන් සිටි බවද හින්දුස්ථාන් පුවත් සේවය වාර්තා කරයි.

දමිල ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට මහින් රාජපක්ෂ රජය අපොහොසත් වීම හා ශ්‍රී ලංකාව වඩා වඩාත් චීනය දෙසට නැඹුරුවීම ඉන්දියාව මහින්ද රජපක්ෂ පාලන කාලය තුළදී වඩාත් අවධානය යොමුකළ ගැටලු දෙක බව ඔවුහු වාර්තා කරයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා පත්වූ නව ආණ්ඩුව විසින් දමිල ජනතාව සඳහා පිළිගත හැකි විසඳුමක් ලබාදිමට කටයුතු කරනු ඇති බවට ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටින බවද එම පුවත්සේවය වාර්තා කරයි.