FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග එක්දින පිටිය අතහැර යනවලු – මෙන්න විස්තරේ….

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉදිරියේදී විස්සයි – 20 ක්‍රිකට් තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ලසිත් මාලිංග පාදයේ ආබාධයකට ලක්ව සිටීම මේ තීන්දුවට හේතුව බව පැවසේ.

කෙසේවුවද ලබන ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි – 20 තරගාවලියට සහභාගිවීමට සූදානම් වන බවද වාර්තා වේ.

මාලිංග මේවන විට ටෙස්ට් පිටියට සමුදී සිටිය ද ඔහු පසුගිය කාලයේදී එක්දින හා පන්දුවාර විස්සයි – 20 තරගවලට සහභාගිවිය.

මාලිංග ගේ ආබාධය මේවන විට සුවඅතට හැරී ඇති බවත් ඔහු පුහුණුවීම්වලදී ද පන්දු යවන බවත් වාර්තා වේ.

ක්‍රිකට් ආයතනය මාලිංග ගේ සේවය එක්දින තරග සඳහා ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවත් මාලිංග ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා වේ.