FAST NEWS

24×7 Around the Globe

මොහොමඞ් හෆීස්ට වසරක තරඟ තහනමක් ?

ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පාකිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් හෆීස් පිළිබද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ බව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය ද දැනුවත්ව සිටින බව සදහන්. මොහොමඞ් හෆීස් ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේදී පාකිස්තාන පිළට කඩුලූ 10ක ජයක් ලබා ගැනීම සඳහා දායක වූයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලූ දෙකක් බිඳ හෙලමින්.

මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට මෙලෙස වාර්තා වී ඇත්තේ දෙවන වතාවටයි. මෙවර ද ඒ බව සනාථ වුවහොත් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවෙනු ඇති.