ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමන්ට අසාධාරණයක් වුණ බව ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හිරු ටී.වී. නාළිකාව හරහා විකාශය වූ සලකුණ සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් පැවැසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි මාසයේදී සිම්බාබ්වේ සංචාරයක නිරත වෙන බවත් එම සංචාරය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියක් බවත් එම තරගාවලියේදී නවකයෙකුට අවස්ථාවක් දෙන ලෙස තේරිම් කමිටුව තමන්ගෙන් ඉල්ලූ බවත් ඩිල්ෂාන් පැවැසීය.
එසේම එම තරගාවලියට ක්‍රීඩා නොකරන්නේ නම් ඊළගට තිබෙන්නේ දකුණු අප්‍රිකා සංචාරය බවත් එම තරගාවලිය පැවැත්වෙන්නේ මාස හයකට පසුව හෙයින් පෙරපුහුණුවක් නොමැතිව එවැනි තරගාවලියකදී දක්ෂතා දැක්වීම අපහසු බවත් ඩිල්ෂාන් පැවැසීය.
“ලබන මාසේ සිම්බාව්වේ සංචාරයක් තියෙනවා. මම සාකච්ඡාවක් පැවැත්වුවා. ක්‍රිකට් වලින් අයින් වෙන්න ඉස්සෙල්ලා ක්‍රිකට් තේරිම් කමිටුවත් සමග. ඔවුන් ඉල්ලා සිටියා ඒ තරගාවලියට එක්වෙන්න එපා. නවකයෙකුට අවස්ථාවක් දෙන්න ඕන කියලා. මම ඒ වෙලාවේ එකග වුණා. මාස හයක් මට ක්‍රිකට් නෑ. ඒ සංචාරය මම යන්නේ නැත්නම්. නවකයෙකුට අවස්ථාව දෙන එක හොඳයි. මම ඒක හැමදාම කරපු දෙයක්. නමුත් මම ඉන්න කාලයත් එක්ක හරි අමාරුයි ආයෙත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට එන්න. ඒ අය මොන විදියට හිතුවද දන්නේ නෑ. නවකයෙක් බලන්න ඕන කියලයි. එයාලගේ සැලසුම් දන්නේ නෑ. නමුත් මගේ පැත්තෙන් ඒක අසාධාරණයි.”
තමා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ වත්මන් තේරීම් කමිටු සනත් ජයසූරිය කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේදී බවත් ඔහුගේ අවසන් තරගයට තමන් නායකත්වය දුන්නත් තම අවසන් තරගය නැරඹීමට සනත් පැමිණ නොසිටි බවද ඩිල්ෂාන් සඳහන් කළේය.
එය කුමන හේතුවක් නිසා සිදුවූවාදැයි තමන් නොදන්නා නමුත් තම අවසන් තරගය නැරඹීම සඳහා සනත් සිටියානම් එය ශක්තියක් බවත් සනත්ගේ අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරන විට ඒ වෙනුවෙන් උපරිම ගෞරවයක් ලබාදීමට බලපෑමක් යටතේ වුවද තමන් කටයුතු කළ බව ඩිල්ෂාන් පැවැසීය.
තමා නායකත්වයේ සිටින කාලයේදී ජ්‍යෙෂ්ඨයින් ඉවත් නොකළ බවත් ජ්‍යෙෂ්ඨයින් සිටියදී නවකයින්ට අවස්ථාව දුන් බවත් ඔහු පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.