FAST NEWS

24×7 Around the Globe

තීන්දුවෙන් පසු වැලිකඩ ගිය දුමීන්දගෙන් තවත් බරපතල වරදක් වෙලාලු..!

නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම මරණ දඬුවම නියම වූවන් සඳහා වන ඇඳුම ලබාදී සිරමැදිරියට යවා ඇතත් දුමින්ද සිල්වා කෙළින්ම ගොස් ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය වෙත බවද වාර්තාවේ.

මරණ දඬුවම නියම වූ හෝ වෙනත් කිසිදු සිරකරුවකුට බන්ධනාගාරය ඇතුළත වෙනත් ස්ථානයකට යෑම බරපතල වරදක් බව එහි නිලධාරීහු කියති.

බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ පැයක පමණ කාලයක් රැඳී සිට එළියට පැමිණි පසු දුමින්ද සිල්වා ට මරණ දඬුවම නියමවූවන් සඳහා වන ඇඳුම ලබාදී සිර මැදිරියට රැගෙන ගොස් ඇතැයි කියති.