2014 වසරේදී පැවැති ප්රජාතන්ත්රවාදය සඳහා වන අරගලයෙන් පසු පළමුවරට හොංකොංහි මැතිවරණය පැවැත්වුණු අතර චීන විරෝධී අරගලයේ නිරතවූ තරුණ පරපුරට මෙහිදී ආසන කිහිපයක ජය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
චීනය සමග ඇති සබඳතා මැතිවරණය තුළ ප්‍රධාන මාතෘකාවක් වු අතරආසන දිනාගත් අය අතර 2014 දී අරගලය මෙහෙයවූ නේදන් ලෝ ද වන අතර ඔහු දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බවද පැවසේ.
මේ අරගලය මෙහෙයවූ තරුණ නායකයින්ට දේශපාලන බලය ලැබෙන පළමු වතාව වන ඇතර එරට පවතින දේශපාලන ක්‍රමය නිසා චීන හිතවාදී පක්ෂවලට වැඩි ආසන ගණනක් හිමිව තිබේ.
මිලියන 3.8ක ජනතාව ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර 2008 වසරේදී ඡන්දය ප්‍රකාශ කළ සියයට හතළිස් පහ වෙනුවට සියයට පනස් අටක් මෙවර ඡන්දය ප්‍රකාශ කළෙන් ප්‍රතිඵල ලබාදීමද ප්‍රමාද විය.
ඊයේ (07) දිනය අවසන් වන විට සියලු ප්‍රතිඵල ලැබෙන්නට නියමිතව තිබිණි.
2014 දී පැවැති කුඩ විරෝධය ලෙස හැඳින්වූ අරගලයෙන් පසු පළමුවරට මෙසේ මැතිවරණයක් පැවැති අතර එම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් හොංකොං ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල විය.
තමනට ප්රජාතන්ත්රවාදය අවශ්‍ය බවද චීනය ගිවිසුම් උල්ලංඝනය කරමින් හොංකොං දේශපාලනයට ඇඟිලි ගසන බවද විරෝධතාකරුවෝ චෝදනා කළහ.
මේ බව ප්‍රතික්ෂේප කළ චීනය විරෝධතාකරුවන්ට කිසිදු බුරුලක් දුන්නේ නැත.මැතිවරණ ප්‍රතිඵලවලට අනුව හොංකොං ප්‍රබල වෙනසක් අපේක්ෂා කරන බවද තරුණ පරපුර වෙනසක් ඉල්ලා සිටින බවද දේශපාලන විචාරකයෝ පවසති.
ඩිමොසිස්ටෝ නමින් පක්ෂයක් අරගලයේ නිරත ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් ඇතිකොට තිබිණි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.