FAST NEWS

24×7 Around the Globe

සචිත්‍ර සේනානායකට 2.1.7 වගන්තිය යටතේ අයී.සී.ය දඩුවම් කරයි..

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (06) පැවති පළමු වන විස්සයි විස්ස තරගයේදී අතරතුර නොමනා වචන භාවිතා කරමීන් හැසිරීම යටතේ දඟ පන්දු යවන ක්‍රීඩක සංචිත්‍ර සේනානායකට තරග මුදලින් සීයයට 30 දඬයක දඬුවමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නියම කිරීමට තිරණය කර තිබේ.

ඔහු යැවු පළමු පන්දුවාරයේ පන්දුවකට ඔස්ට්‍රේලියා නායක ඩේවිඩ් වොනර් දැවී යාමෙන් පසු සේනානයක හැසිරුණු අකාරය සම්බන්ධයෙන් මෙලෙස දඩ නියම කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම ව්‍යවස්ථාවේ 2.1.7 වගන්තිය යම්තාක් දුරකට සච්ත්‍ර සේනානයක විසින් කඩ කර ඇති බව එම ආයතනය නිවේදනයක් කරමීන් පෙන්වා දෙයි.