FAST NEWS

24×7 Around the Globe

ජනපති ආර්යාව අංජනම් බලයි…

 

ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනපතිවරයා ජෝතිෂ්‍ය කෙරෙහි තමාට දැන් විශ්වාසයක් නොමැති බව අදහස් දක්වා තිබුණි.

නමුත් පසුගිය සතියේ අභයාරාමයේ කිරිඅම්මවරුන් සදහා දානයක් ගවයන් නිදහස් කිරීම වැනි කාරණා සිදුවීම තුලින් නැවත වතාවක් හිටපු ජනපතිවරයා ජෝතිෂ්‍ය කටයුතු කරන බවට රාවයක් පැන නැගිණි .

එමෙන්ම හිටපු ජනපති ආර්යාව එවන් දේ කෙරෙහි ඇති විශ්වාසය තවමත් අත්හැර නොමැති බව සන්ඩේ ඔබ්සවර් පුවත්පත මගින් හෙළිකොට තිබේ.

එම පුවත්පතට අනුව හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මාලබේ ප්‍රදේශයේ ප්‍රකට අංජනම් බලන ස්ථානයකට පසුගියදා ගොස් ඇති අතර හිටපු ජනපතිවරයාගේ දේශපාලන අනාගතය ගැනද අංජනමක් බලා ඇති බව වාර්තා කොට තිබුණි.