මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරගයේදී ඔහුට සහාය දැක්වූවා සේම අවස්ථාවක් ලැබෙන්නේ නම් ඩිල්ෂාන්ගේ අවසන් විස්සයි-20 තරගයේදීද ඔහු වෙනුවෙන්ද ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග මාධය වෙත පැවසීය.
මෙම වසරේ ඉන්දියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙබරවාරි 25 වැනිදා එක්සත් අරාබි එමීර් සමඟ පැවැති තරගයෙන් පසු දණහිසේ ආබාධයක් හේතුවෙන් විස්සයි-20 තරගයන් සඳහා එක් නොවූ මාලිංග 2015 වසරේ නොවැම්බර් 7 වැනිදායින් පසු එක්දින තරග සඳහාද සහභාගි වී නොමැත.
ඉන්දියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවීමට අපහසුව තිබුණත් මේ වනවිට තමන් පුහුණුවීම් අරඹා ඇති බවද පැවසූ මාලිංග සංගක්කාර, මහේල අයියලා හොඳින් සමුගත්තා සේම ඩිල්ෂාන් හොඳින් සමුගන්නවා දැකීම තමන් අපේක්‍ෂා කරන බවය.
“2010 වසරේ මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගයේදී මට කිව්වා ‘මාලි මැච් එකක් ගහමු කියලා. මම කිව්වා ගහමු කියලා. මම ඒ වෙද්දී අවුරුදු 2ක් විතර ටෙස්ට් ක්‍රිකට් ගහලා තිබුණේ නැහැ. ඒත් මම මුරලි අයියට ගොඩක් ගරු කරන නිසා ඒ තරගයට සෙල්ලම් කරලා එයාට ජයග්‍රාහී ලෙස සමුගන්න සහයෝගය දැක්වූවා. ඒ වගේම ඩිල්ෂාන් වෙනුවෙන් ඒ වගේ සහයෝගයක් දක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මම තේරීම් කමිටුවට කිය කියා යන්නේ නැහැ මම ෆිට් කියලා” යනුවෙන් පැවැසූ මාලිංග ඉදිරිය ගැන තමන් නොසිතන බවත්, අතපය හතර කැරකෙනකම් තමන් ක්‍රීඩාවේ නියැළෙන බවද කීය.
“මම රට වෙනුවෙන් කළ දේවල් සමහර අයට මතක නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. මම පත්තර බලන කෙනෙක් නොවෙයි. ඒත් පත්තර බලලා තමයි මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන වැරදි වැටහීම් ඇතිකර ගන්නේ. මේ වැරදි වැටහීම් නිසා ඒ අය තමන්ගේ ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන එකටත් බයයි” යනුවෙන්ද මාලිංග ප්‍රකාශ කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.