ඔස්ට්‍රේලියා හා ශ්‍රී ලංකාව අතර තරග 2 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (06 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භ වීමය නියමීතය.
ජගත් ක්‍රිකට් කවුන්සිල විස්සයි/20 ශ්‍රේණිගත කිරීම් අනුව සත්කාරක ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටද ඔස්ට්‍රේලියාව 6 වැනි ස්ථානයේ සිටද අද (06) තරගයට අවතීර්ණ වනු ඇත.
මේ පිළිබඳව ඊයේ (05 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල් සඳහන් කර සිටියේ පළමු තරගයම ජය ගනිමින් ඔස්ට්‍රේලියානුවන්ට පීඩනය යොමු කිරීම තමා ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුව වන බවයි.
එක්දින තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම නිසා විස්සයි/20 තරගාවලිය ඇන්ජලෝ මැතිව්ස්ට අහිමිවන අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබේ.
අද තරගය සඳහා සැලැස්මවල් කීපයක්ම කණ්ඩායම සතු වන බව පවසන තාවකාලිකව නායක චන්දිමාල් තණතීරුවට සරිලන අයුරින් සමබර කණ්ඩායම තෝරා ගැනීම එහි පළමු රාජකාරිය වන බව සඳහන් කර සිටියේය.
අද තරගය ක්‍රියාත්මක පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අවස්ථා 2 කදී මුණ ගැසී තිබෙන අතර ඒ දෙවතාවේදීම ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.
එමෙන්ම දෙරට අතර විස්සයි/20 ඉතිහාසය ගෙන බැලීමේදීද ඔස්ට්‍රේලියාව තරග 2 ක ජය හිමිකරගන්නා අතරතුරදී ශ්‍රී ලංකාව තරග 6 ක් ජය ගනිමින් වැඩි ගෞරව අත්කරගෙන සිටියි.
“අපිට මේ තරගයේදී සැලැස්මවල් කීපයක් තියෙනවා. ලැබිලා තියෙන කණ්ඩායමත් එක්ක තණතීරුවට සරිලන අයුරින් හරි ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීම තමයි පළමු රාජකාරිය විදියට පැවරිලා තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා මේ තරගය ජය ගනිමින් ඔස්ටේ්රලියාව පැත්තට පීඩනය යොමු කරන්න” යනුවෙන් චන්දිමාල් පවසයි.
මෙම තරගය සඳහා වන 14 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) දහවල් කාලයේදී ප්‍රකාශයට පත් කළ අතර එයට එක්දින කණ්ඩායමේ ස්ථාන හිමි නොවූ සචිත්ර සේනානායක, චාමර කපුදෙර සහ කසුන් රජිත යන ක්‍රීඩකයන් තිදෙනා ඇතුළත්ව සිටිති.
“එක්දින තරගාවලියේදි අපිට අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්ගේ අඩුවක් තිබුණා. නමුත් මේ සංචිතයේ ඩිල්ෂාන්, සචිත්ර වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සංචිතයට එකතු වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි ලැබිලා තියෙන සංචිතය ගැන” යෑයි චන්දිමාල් අදහස් දක්වයි.
පස්වැනි තරගයට සහභාගිවූ ක්‍රීඩකයන් සියල්ල ඊයේ දිනයේදී විවේක ගනු ලැබූ අතර ඊයේ තරගයට ක්‍රීඩා නොකළ සහ අලුතින් කණ්ඩායමට එක්වී සිටින ක්‍රීඩකයන් 6 දෙනා පමණක් සිය පුහුණුවීම්වල නිරත වී සිටියහ.
අද තරගයේ ඇති සුවිශේෂීතාව වන්නේ ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ලබන අවසන් ජාත්‍යන්තර තරගය මෙම තරගය බවට පත්වීමයි.
“මං මුලින්ම කියන්න ඕන මගේ එක්දින සහ ටෙස්ට් දිවියේ පළමු නායකයා වුණේ ඩිල්ෂාන්. විශේෂයෙන්ම ඩිල්ෂාන් වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනු ලබන අන්තිම තරග 2 දී නායකයා විදියට ඔහුව මෙහෙයවන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අපි ඔහු වෙනුවෙන් මේ තරග දෙක ජයග්‍රහණය කරලා ඔහුට හොඳ නික්ම යැමක් ලබා දෙන්න තමයි බලපොරොත්තු වෙන්නේ” යෑයි ඩිල්ෂාන් පිළිබඳව චන්දිමාල් පවසා සිටියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි/20 තරග 78 ක් නියෝජනය කර ඇති ඩිල්ෂාන් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 28.98 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 1884 ක් රැස්කරගෙන සිටියි. එයට එක් ශතකයක් සහ අර්ධ ශතක 13 ක් ඇතුළත් වන අතර පන්දු යෑවීමේද කඩුලු 7 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.
පල්ලකැලේ තණතීරුව වැඩි වශයෙන් වේග පන්දු යවන්නන්ට දායකත්වයක් සැපයූවත් ක්‍රීඩා කරන සංයුතිය පිළිබඳව කරන ලද විමසීමේදී “සමබරතාවය ගැන අපි නිතරම හිතන්න ඕන. සමහර විට අපි වේග පන්දු යවන්නන් දෙන්නෙක් සමග ක්‍රීඩා කරන්න පුලුවන්. සමහර විට එක් කෙනෙක් වෙන්නත් පුලුවන්. අපි බලමු හෙට තණතිල්ල සහ කාලගුණයත් එක්ක මොකද්ද අපිට යොදා ගන්න පුලුවන් හොඳම සංයුතිය කියලා” යි සඳහන් කළේය.
එක්දින තරගාවලියේදී ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා, මැද පෙළ පිතිකරුවකු ලෙස යොදා ගනු ලැබුවද ඔහු මෙම තරගයේදී ඩිල්ෂාන් සමග ඉනිම ආරම්භ කරනු ඇත. “අපිට ඕන වුණා කුසල් මැද පෙළ පිතිකරුවකු විදියට පාවිච්චි කරලා ලකුණු ලබාගන්න පුලුවන්ද කියලා බලන්න. ඉතිං එකක ඔහු දක්ෂතා අතරට ආවා. නමුත් අන්තිම තරගයේදී නම් ඔහු මැද පෙළින් ක්‍රීඩා කරේ මැතිව්ස් ආබාධයට ලක් වුණ නිසා. කොහොම වුණත් හෙට ඩිල්ෂාන් එක්ක කුසල් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරනවා” යි චන්දිමාල් සඳහන් කරයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.