ටෙස්ට් ක්‍රීඩකයන් අතරින් ජිවත්ව සිටි වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වූ 97 වැනි වියේ පසුවු දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීකට් ක්‍රීඩක ලින්ඩ්සේ ටකෙට් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1947 සිට 1949 දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 9ට ක්‍රීඩා කර ඇති ලින්ඩ්සේ කඩුලු 19ක් හා ලකුණු 131ක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
ලින්ඩ්සේගේ පියා හා මාමා හිටපු දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩකයෝ වෙති.
ලින්ඩ්සේගේ අභාවයෙන් පසුව මේ වන විට ලෝකයේ ජීවත්ව සිටින වයස්තගම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේම 93න් වියැති ජෝන් වොට්කින්ස් වාර්තා අතරට එක්වෙයි.








