FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයට පාටක් හා ලකුණක් මරික්කාර්ගෙන්?

ඒකාබද්ධ විපක්ෂය අලුතින් හැදීමට උත්සහ කරන පක්ෂයේ පාට කළු විය යුතු බවත් ලකුණ මංචු කුට්ටම විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පවසන ලදී.

මේ සදහා එස්.එම්.මරික්කාර් මැතිතුමා ගේ ආරාධනයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාද සහභාගි වන ලදී.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී. දැන් මහින්ද මහත්තයා දන්නවා අපේ රටේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා කියලා. ඒ නිසා දැන් ඒගොල්ලෝ අලුතින් කැම්පේන් එකක් පටන් අරගෙන තියෙනවා අලුත් පක්ෂ හදාගෙන රටේ බලයත් අල්ල ගන්න. මේ අයට පක්ෂේ බලය අල්ල ගන්න බැරිව රටේ බලය අල්ල ගන්නේ කොහොමද . පක්ෂේ බලය අල්ල ගන්න බැරිව එක්කෙනෙක් මැලේසියාවට ගිහින් අනික් පුන්ඩෝ ටික කොහේ ගිහින්ද දන්නේ නෑ. පක්ෂේ බලය අල්ල ගන්න බැරි නිසා ඒගොල්ලෝ වෙනත් පක්ෂයක් හදනවලු. ඒ නිසා මම කියනවා ඒ පක්ෂයේ පාට කළු පාට වෙන්න ඕනේ පක්ෂයේ ලාංඡනය මාංචු කුට්ටම වෙන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද හැමදාම උසාවිනේ. උසාවි යන්න කළු ලෝගු දාගෙන නීතීඥ මහත්තුරු එක්ක යන නිසා වැඩියෙන් තියෙන්නේ කළු නිසා පක්ෂයට කළු වර්ණය ගැලපෙනවා. උසාවියෙන් පස්සේ යන්නේ බන්ධනාගාරයට යන්නේ මාංචුත් එක්කනේ ඒ නිසා ලකුණු තමයි මංචු කුට්ටම. ඒ පාටයි ලකුණයි හොදටම ගැලපෙනවා..

මේ අයට නැවත බලයට එන්න ඉඩ දෙන්න බෑ. ඒකට ඉඩ නොදෙන්න නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම දිගටම තියෙන්න ඕනේ. 2020 දි අපි තනි ආණ්ඩුවක් පිහිටුවන්නත් අවශ්‍යයි. මේ පැරදිච්ච පනස් අට ලක්ෂයේ නඩය අරගෙන නුවර ඉන් කොළඹ ඇවිල්ලා වගේම රට වටේම ගිහින් පෙන්නන්න හදනවා ආණ්ඩුව හදන ජන බලවේගය තියෙන්නේ අපේ ගාව කියලා . ඉතින් අපිට මොකද අපි ගාව ඉන්නවා හැට දෙලක්ෂයක් . අපි අද මෙතැනින් පටන් ගත්තා වගේම ලබන සෙනසුරාදා කැම්බල් පිටියේදී අපේ ජන බලවේගය මුළු රටටම පෙන්නනවා.