FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටුපොලට දස වන ස්ථානය.

ආසියානු කලාපයේ දුර්වලම ගුවන් තොටුපලවල් අතරින් දස වන ස්ථානය කටුනායක ගුවන් තොටුපොලට හිමිව තිබේ.

නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපල එම ලයිස්තුවේ පලමු තැන ලැබී ඇති අතර දෙවන ස්ථානය උස්බකිස්තානයේ ටෂ්කෙන්ට් ගුවන් තොටුපලටත් තුන්වන තැන ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපලටත් ලැබී ඇත.

විදෙස් වෙබ් අඩවියක් විසින් මෙම සමීක්‍ෂණය කර ඇත්තේ ගුවන් තොටුපොලක පවතින විවිධ කරුණු සලකා බලමිනි.

මගීන්ට දෙන පහසුකම් සහ ආහාර, ගමන් මළු සම්බන්ධ වගකීම ආදිය මෙහිදී සැලකිල්ට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොලේ පවතින අඩුපාඩු රැසක් අතර ගුවන් තොටුපොල පරිශ්‍රය දැඩි ලෙස අපවිත‍්‍ර වීම, වැසිකිළි අපිරිසිදුව පැවතීම, අකාර්යක්‍ෂම කාර්ය මණ්ඩලයද සදහන්ය.