FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතාට යළි වරදී.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෙවර සංවත්සරය පැවැත්වෙන්නේ 56 වන වරට බව ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

‘අපි මහින්ද සමග පෙරට’ යන මැයෙන් මස්කෙළියේ, ගිනිගත්හේන ප්‍රදේශයේදි පසුගිය (03දා) පැවති සම්මන්ත‍්‍රණයකදී ඇය බව සඳහන් කළාය.

සභාවේ සිටි පිරිස් එය 65 ලෙස නිවැරදි වියයුතු බව පැවසීය. නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බී රත්නායක මහතා විසින් මෙම සම්මන්ත‍්‍රනය සංවිධානය කර තිබිණ.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට කෝටි දෙකක ජනතාවක් සහභාගී වූ බව ඇය මිට සති කිහිපයකට පෙර පැවසුවාය.