FAST NEWS

24×7 Around the Globe

ජෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවතත් පිටියට….!

අබාධයකට ලක්වු ශ්‍රී ලංකා  කණ්ඩායමේ ජෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවතත් පුහුණුවීම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරගාවලියට ලසිත් මාලිංග ඇතුළත් විය හැකිද යන්න පිළිබඳව කළ විමසීමකදී දැනගත හැකිවූයේ මාලිංග පුහුණුවීම් ආරම්භ කළ නමුත් තරග කිරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ නිර්දේශය තවමත් ලැබි නොමැති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගාවලිය වන සිම්බාබ්වේ සංචාරයේදී ඔහුට ක්‍රීඩා කළ හැකි බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ සංචාරය වන සිම්බාබ්වේ සංචාරය ටෙස්ට් තරග 2 කින් සහ තුන්කොන් තරගාවලියකින් සමන්විතය.

සිම්බාබ්වේ සංචාරය ඔක්තෝබර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරගාවලියක් පැවැත්වේ.