FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් දෙදෙනෙකුට හෙට ඇරඹේන විස්සයි විස්ස තරගාවලිය අහිමී වෙයි…

ආබාධ හේතුවෙන් තවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙපළකට ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අහිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරොන් ෆින්ච් හා ක්‍රිස් ලීන් මෙලෙස ආබාධවලට ලක්ව ඇති අතර ඒ අනුව ඔවුන්ට විස්සයි20 තරගාවලිය අහිමි වේ.

ෆින්ච් ඊයේ  (04) පැවැති තරගයේදී ආබාධයකට ලක්ව ඇති අතර ක්‍රිස් ලීන් පුහුණු සැසියකදී ආබාධයකට ලක්ව තිබේ.

දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය හෙට (06දා) පැවැත්වීමට නියමිතය.