FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන් 38419ක් දිවයින පුරා.

2016 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 38419ක් දිවයින පුරා වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.31ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවද වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කරයි.