ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ එක්දින ක්‍රිකට් පිටියේදී ලකුණු දසදහසක් ඉක්මවමින් ලකුණු රැස්කළ පිතිකරුවන් සිටින්නේ එකොළොස් දෙනකු පමණි.
ඒ අතරට ශ්‍රී ලාංකික පිතිකරුවන් සිවුදෙනකුද ඇතුළත්ය. ඒ හතරදෙනාගේ ලැයිස්තුවෙහි සිවුවැන්නා ලෙස සිටින මොහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ වසර 17ක ක්‍රීඩා සමය තුළදී ලබාගත් ටෙස්ට් ක්‍රිකට් ලකුණු ප්‍රමාණයද පන්දහස ඉක්මවා ඇත.
එපමණක්ද නොව පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම දිනාගත් මෙම තුන්ඉරියව් දක්ෂයා නමින් තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්ය.
එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක්ද ඉක්මවා ලබා පන්දුවෙන්ද දස්කම් දැක්වූ මොහු ගැන පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමඟ කතාබහ වැඩි විය.
එක්තරා පුවත්පතකට ‘ඩිල්ස්කූප්’ පහර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එයයි..
• ඔබගේ ක්‍රිකට් දිවිය ගැන කතා කළොත් ‘ඩිල්ස්කූප්’ පහර ගැන කාටවත් අමතක කරන්න බැහැ. මේක කාගේ අදහසක්ද?
ඒක මගේම අදහසක්. මම ඉස්සර වෙලාම ඩිල්ස්කූප් පහර ගැහැව්වේ 2008 අයි.පී.එල්. එකේදියි. ඊට පසුව ලංකාවට ඇවිල්ල ඒ පහර ටෙනිස් බෝලෙන් ගොඩාක් පුහුණුවීම් කළා. එවකට හිටපු සහාය පුහුණුකරු චන්දික හතුරුසිංහත් එක්ක ඒ පුහුණුවීම් කරල පසුව මම එංගලන්තයට ගිහිල්ලා 2009 විස්සයි විස්ස වර්ල්ඩ් කප් එකේදී ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්ට හයේ පහරක් ගහන තෙක් මගේ පුහුණුකරුවොත් දැනගෙන හිටියේ නැහැ මම එතරම් හොඳට ඒ පහර ගහනවා කියල. ඒ පහරත් එක්ක හොඳට ක්‍රීඩා කරපු නිසාම එම ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානයත් හිමි වුණා.
• ඒ කාලෙ ඔබේ බොහෝ දේට විරුද්ධ වූ සමහරු ඔය ඩිල්ස්කූප් පහර ගෙන ආ අදහසට විරුද්ධ වුණේ නැද්ද?
මගේ නමින් ඒ විදියේ ක්‍රිකට් පහරක් හැඳින්වීම ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එක එක අය ඒකට වෙනත් නම් දාන්න උත්සාහ කළා. ගොඩාක් අය කීව මේක මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් කියලා. අපේ රටේ අයත් එහෙම කියන අය අතර හිටියා.
• කවුද ඩිල්ස්කූප් කියන නම දැම්මෙ?
මම ඒ පහර ගැහැව්වාම අයි.සී.සී. එකෙන් පණිවුඩයක් විස්තර විචාරකයන්ට එවල තිබුණා ඒකට නමක් එවන්න කියල. පසුව 2009 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙලා සම්මානය ගන්න ගියාම ක්‍රිකට් විචාරක නසාර් හුසේන් මගෙන් ඇහැව්වා “අපි ඔබේ පහරට නම් 4ක් එවල තියෙනවා මොකද්ද දාන්න කැමැති” කියල. ඒ අතරේ තිබුණ ඩිල්ස්කූප් කියන නමට මම කැමැතියි කිව්වාම ඒ වෙලාවේම ඒක ශබ්ද නඟා නසාර් හුසේන් ප්‍රචාරය කළා.
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.