FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ දෙදරීමක්?

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ශ්‍රී ලනිප සම්මේලනයෙන් පසු ආණ්ඩුව සමග එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නොවන මන්ත්‍රීවරු බණ්ඩාරනායක ප්‍රතිපත්ති විවේචනය කිරීමත් සමග ඇතිවූ මතභේද සමග මෙසේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සිය ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස් නොවී පක්ෂය සමග කටයුතු කිරීමට නියමිතව ඇති බවද ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.