FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් පිං අතේ වැඩක්.

එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය නිමිති කරගෙන එක්සත් ජාතික පක්ෂය බිහිකිරීම සඳහා ඇප කැපවුනු නායකයින් සහ පක්ෂ සාමාජිකයින්ට පින් පැමිණවීම සහ වර්තමාන නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හා පක්ෂ සාමජිකයින්ට හා සමස්ථ රට වැසියන්ට, ලෝක වාසීන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් ඊයේ (02) නිවිතිගල මැතිවරණ කොට්ඨාෂයේ ඇලපාත , කොටාමුල්ල ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා.

මෙහිදී විශේෂ ධර්මනුශාසනාව පැවැත්වූයේ දෙහිවල ශ්‍රී දේවානන්ද ධර්මායතනාදිපති රූපවාහිනී හා ගුවන්විදුලි විශිෂ්ඨ ධර්ම කථීක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය හඟරංගල සුමේධ හිමියන් විසිනුයි.

මෙහිදී විදේශ රැකියා අමාත්‍යතුමිය විසින් ගංගාරාම විහාරස්ථානය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යතුමියගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් විහාරාධිපති වේරගම සෝරත හිමියන් වෙත පරිත්‍යාග කර තිබෙනවා.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නීතීඥ නෙවිල් කරුණාරත්න, නීතීඥ ලලිත් පීරිස් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්වී සිටියා.