පිලිපීනයේ දවාඕ නගරයේ රාත්‍රී වෙළෙඳ පොළක ඊයේ (02දා) සිදු වූ පිපිරිමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබේ.
සිද්ධිය වූ ස්ථානයේදීම පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පිලිපීන පොලීසිය කියයි.
මෙම පිපිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නොතිබුණත්, පිලිපීන වත්මන් ජනපති ඩුටාර්ටේ ගේ උපන් නගරය ලෙස සැලකෙන දවාඕ හි සිදුවූ මෙම ප්‍රහාරය සඳහා අබු සයේෆ් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය හෝ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සම්බන්ධ බවට සැක කෙරෙයි.









