ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්රයේ පෙරළියක් කරමින්, රිලයන්ස් ජියෝ සමාගම විසින් තම ග්රාහකයින් ලබාගන්නා ඇමතුම් සඳහා මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙනවා.
රිලයන්ස් ඉන්ඩස්ට්රීස්හි සභාපති සහ ඉන්දියාවේ පළමුතැන රැඳෙන ධනවතා වන මුකේෂ් අම්බානි විසින් මෙම තීරණය ඊයේ (01) නිවේදනය කළා.
ඉන්දියානු තොරතුරු සන්නිවේදනයේ නව පිටුවක් පෙරළමින් අම්බානි මේ බව නිවේදනය කරන්නේ තම සමාගමේ වාර්ෂික මහා සමුළුව අමතමිනි.
මෙහිදී රිලයන්ස් ජියෝ සමාගම කටයුතු කරන්නේ තම ග්රාහකයින්ට 4G තාක්ෂණය ඔස්සේ Data Packages හඳුන්වාදීමයි.
ඉන්දියානු රුපියල් 149 (රුපියල්. 325) සිට 4999 (රුපියල්. 10859) පැකේජ සමාගම හඳුන්වාදී ඇති අතර මේ කුමන පැකේජයක් ලබා ගත්තද එම ග්රාහකයා ලබා ගන්නා කිසිදු ඇමතුමකට මුදලක් අය කරන්නේ නැත.










