FAST NEWS

24×7 Around the Globe

තිසර සහ සඳකැන් ශ‍්‍රී ලංකා සංචිතයෙන් ඉවතට.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන 5 වන එක් දින ක‍්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කොට තිබෙනවා.ආබාධයකට ලක් වුනු නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට උපුල් තරංග කැඳවීමටයි තේරීම් කමිටුව තීරණය කර තිබෙන්නේ.

තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක සංචිතයට කැඳවා තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර 5 වන සහ අවසන් එක් දින ක‍්‍රිකට් තරගය සැප්තැම්බර් 4 වනදා පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. 3 ට 1 ක් ලෙස තරගාවලියේ ජයග‍්‍රහණය ඔස්ට්‍රේලියාවට හිමි වුණා.

එමෙන්ම සචිත්‍ර සේනානායකද කණ්ඩායමට එක වන බවයි වාර්තා වන්නේ.ඒ කවුරුන් වෙනුවටද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැ.