FAST NEWS

24×7 Around the Globe

ස්පෙස් එක්ස් නිසා සකර් බර්ග් දුකින්.

ඇමෙරිකාවේ ස්පෙස් එක්ස් අභ්‍යවකාශ ආයතනයට අයත් රොකට්ටුවක් උඩුගුවන්ගත කිරීමට පෙර පුපුරා යෑමෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයකයි මෙම රොකට්ටුව ගිනිගෙන තිබෙන්නේ. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට සුළු හානි සිදුවී තිබෙනවා.

රොකට්ටුව සමග ෆේස්බුක් ආයතනය උඩුගුවනට යැවීමට සැලසුම් කර තිබු චන්ද්‍රිකාවක් ද විනාශ වී තිබෙනවා. ඒ හේතුවෙන් ෆේස්බුක් ආයතනයේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.