FAST NEWS

24×7 Around the Globe

ජනපති ජාකොබ් සුමා හදිසියේ ලංකාවට ඇයි?

දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සුමා මහතා ගමන්ගත් දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයමදී කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑවේය. ගුවන් යානය චීනය බලා පිටත්ව යන අතර තුළදී ඉන්ධන ලබා ගැනීමට මෙසේ ගොඩ බෑවේය.

එ් අනුව ගුවන් යානයෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ මද වේලාවක් ගත කළේය. ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් චීනය බලා පිටත්ව ගියේය.