FAST NEWS

24×7 Around the Globe

පොඩි හැකර්ට ජනපති සමාව?

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනා ලැබූ සැකකරුවන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට සමාව ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ චෝදනා ලැබූ සැකකරුවන්ගේ මව්පියන් ඉල්ලීමක් කළ හොත් ජනාධිපතිවරයා විසින් සමාව ලබා දෙනු ඇති බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට කිසිඳු පුද්ගලයෙකු සමග වෛරයක් නොමැති බවයි.