FAST NEWS

24×7 Around the Globe

සියදිවිනසා ගැනීම් වලින් පිරිමින් ඉදිරියෙන්.

පසුගිය වසර තුනේදී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 9,657 දෙනෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වෙයි. වයස් කාණ්ඩ අනුව සැලකීමේදී වැඩිම සියදිවි නසාගැනීම් ප්‍රමාණයක් සිදුකරගෙන ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන් වන අතර,ස්ත්‍රී පුරුෂභාවය සැලකීමේදී වැඩිම සියදිවි නසාගැනීම් ප්‍රමාණයක් සිදුකරගෙන ඇත්තේ පිරිමින් විසිනි.

වැඩිම සියදිවි නසාගැනීම් ප්‍රමාණයක් රත්නපුර,මහනුවර,අනුරාධපුර,කුරුණෑගල යන පොලිස් කොට්ඨාසවලින් වාර්තා වේ. එමෙන්ම අඩුම සියදිවි නසාගැනීම් ප්‍රමාණයක් වාර්තාවන්නේ ගල්කිස්ස,සීතාවකපුර,නිකවරටිය,ඇල්පිටිය සහ බදුල්ල යන පොලිස් කොට්ඨාසවලිනි.