FAST NEWS

24×7 Around the Globe

ඇමරිකා එක්සත් ජනපදයට අයත් රොකට්ටවුක් පුපුරයි – ෆේස්බුක් වෙතත් හානියක්..

ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී ස්පේස් – එක්ස් රොකට්ටුවක් පුපුරා ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ආසන්නයේ තිබූ ෆේස්බුක් චන්ද්‍රිකාවද පිපිරීමෙන් විනාශ වී ගොස් ඇතැයි කියති.

එය අප්‍රිකාවේ අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සැලසීම වෙනුවෙන් ගුවන්ගත කිරීමට නියමිතව තිබූ එකක් බව ද කියති.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී රොකට්ටුව පෙරහුරුවකට යොදා ගත් අවස්ථාවේ මෙම පිපුරුම සිදුව ඇතැයි වාර්තාවේ.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද චන්ද්‍රිකාව විනාශවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ෆේස්බුක් පිටුවේ සටහනක් දමා තිබිණි.

රොකට්ටුව පිපිරීමෙන් සැතපුම් ගණනාවක් අවට පිහිටි ගොඩනැගිලි ද සෙලවීමට ලක්වූ බව එරට ආරංචි පවසයි.

පිපුරුමෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැතැයි විදෙස් පුවත් සේවා කියයි.