FAST NEWS

24×7 Around the Globe

ආණමඩුවේදී වැවක් තුල දුෂණයක් …

 

පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප‍්‍රතිකාර ගැනීමට පැමිණි 37 හැවිරිදි කාන්තාවක් බලහත්කාරයෙන් ත‍්‍රී රෝද රථයක නංවාගෙන ගොස් වැවක් තුළදී ඇයව දුෂණය කළ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

අතවරයට ලත්ව ඇත්තේ ආණමඩුව,ආඬිගම – වෙට්ටමුරුක්කුව පදිංචි කාන්තාවකි. පසුගිය 15 වැනිදා රාත‍්‍රී 7.00 ට පමණ තමන්ට මෙම අපරාධය සිදුවූ බව ඇය ආණමඩුව පොලීසියට කර ඇති ප‍්‍රකාශයේ සදහන් වේ.

හදවත් රෝගයකින් පෙලන තමා ප්‍රතිකාර ගැනීම සදහා පසුගිය 15වෙනිදා ආඬිගම නගරයට පැමිණි බවත් ඒ අවස්ථාවේ තම පැහැර ගත් දෙදෙනා මේ අපරාධය සිදු කල බවත් ඇය පවසා ඇත.
ස්වාමි පුරුෂයාගේ බල කිරීම මත පැමිණිලි කිරීමට පැමිණි බවත් අතවර කල පුද්ගලයන් තමා නොහදුනන බවත් ඇය ප්‍රකාශ කර ඇත.