FAST NEWS

24×7 Around the Globe

17 හැවිරිදි හැකර්ට ශිෂ්‍යත්වයක්?

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සයිබර් අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට නව නීති ගෙන එන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිරිකොතදී අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ජනපතිගේ නිල වෙබ් අඩිවියේ ආරක්ෂාව අඩු බව පිළිගන්නා බවයි.

කෙසේ වුවද අදාළ සිද්ධියට සම්බන්ධ‍ 17 හැවිරිදි ළමයා අධ්‍යාපනය අතින් දක්ෂයෙකු බවත්, ඔහුට ශිෂ්‍යත්වයක් ලබාදීම ගැන සලකා බලන බවත්, මෙම සිද්ධිය ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ මෙවැන්නක් කළා නම් සුදු වෑන් එකක් ඒමට තිබූ බවත්, එහෙත් අපි ඔහු වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබාදීම ගැන අවධානය යොමු කරන බවත්, ඇමතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස කියා සිටියේය.