FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරිනියන්ටද DIG තනතුර දක්වා උසස් වීම්?

පොලිස් නිලධාරිනියන්ටද ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඉහළම නිලයන් හෙබවීමට අවස්ථාව සැලසෙන පරිදි උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව ජාතික පොලිස් කොමිසම පවසයි.

මේ වනවිට පොලිස් නිලධාරිනියන්ට උසස් වීම් ලබාගත හැක්කේ පොලිස් අධිකාරී තනතුර දක්වා පමණකි.

මේ වන විට පොලිස් අධිකාරී ධුරයට ඉහළ තනතුරු ඇති කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන බවත්, ඔවුන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලැබීමට හැකි වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බවත් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කීය.

අවසන් වරට කාන්තාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර හොබවා තිබෙන්නේ මීට වසර විස්සකටත් ඉහතදීය. ඒ ප්‍රමිලා දිවාකර පොලිස් නිලධාරිනියයි.