FAST NEWS

24×7 Around the Globe

පන්දුව හිසේ වැදී ඊයේ මැතිව්ස් 99න් බේරුණු හැටි .(වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති සිව්වන එක්දින ක්‍රිකට් තරගය අතරතුර දී සිදුවන්නට ගිය අනතුරකින් වාසනාවන්ත ලෙස බේරීමට පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස්ට හැකි වුණා.

ජේම්ස් ෆෝක්නර් විසින් යොමු කළ පන්දුවක් මැතිවුස් පැළඳ සිටි හෙල්මටයේ වේගයෙන් වැදුණු අතර ඒ හේතුවෙන් හෙල්මටයේ කොටසක් කැඩී විසිවී යාම ද සිදු වුණා.

කෙසේ වෙතත් මැතිවුස්ට මෙම සිදුවීමෙන් හානි සිදු වූයේ නැහැ.

මීට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස් මියගියේ ද පන්දුව හිසෙහි වැදීමෙන්.