FAST NEWS

24×7 Around the Globe

උපුල් තරංග සමග තවත් ක්‍රීඩකයෙකු සංචිතයට නැවතත් කැදවයි?

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවති එක්දින තරඟයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඊයේ තරඟය අතරතුරදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හදිසියේ ආබාධයකට ලක්වුණා.

ඔහුගේ පාදයේ ඇතිවූ මෙම ආබාධය නිසා ඔහු පිටියෙන් ඉවත් වූ අතර අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පැමිණ ලකුණු රැස්කළා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් ඉඟි පළකොට ඇත්තේ මැතිව්ස්ට මීළඟ එක්දින තරඟය හා විස්යි විස්ස තරඟ දෙක අහිමිවනු ඇති බවයි.

කෙසේ වෙතත් මැතිව්ස් වෙනුවට උපුල් තරංග කණ්ඩායමට එක්වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහුට අමතරව අවසන් තරඟය සඳහා නිරෝෂන් දික්වැල්ලද සංචිතයට එක්වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.