දඹුල්ලේදී අද (31 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී දකුණු පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරගය අහිමි වන බව ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර කරයි.
පාදයේ ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා අද (01) උදෑසන පෙනී සිටීමට මැතිව්ස් සූදානමින් සිටින එතර එම ස්කෑන් පරීක්‍ෂණ වාර්තාව අනුව ඔහුට කොපමණ කාලයක් විවේකය අවශ්‍යද යන්න තීරණය කෙරෙන බව ශ්‍රී ලංකා පළමුව ප්‍රකාශ කෙරිණ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරග දෙක සඳහාත් මැතිව්ස්ට ක්‍රීඩා කළ නොහැකි වනු ඇති බවයි.
“එයා විස්සයි:20 තරග දෙකත් ක්‍රීඩා කරන එක සැක සහිතයි. ඒත් ඒක අපට දැන්ම ස්ථිර කරන්න බෑ” යයිද හෙතෙම පැවසීය.
පන්දුවට පහර දෙමින් සිටියදී ඇතිවූ මෙම ආබාධය නිසා මැතිව්ස් ඉනිම නවතා ආපසු ක්‍රීඩාගාරයට පැමිණියද 8 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව නැවතත් පිටියට ගියේය. එහෙත් දිව යාමේ අපහසුතාව හේතුවෙන් හතරේ පහර දෙකකින් ලකුණු ලබාගත් මැතිව්ස් ඕස්ට්‍රේලියානු ඉනිම පුරාම පන්දු රැකීමෙන් වැළකී සිටියේය.
දඹුල්ලේදී පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 6 කින් ජයගත් ඕස්ට්‍රේලියානුවෝ තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය 3-1 ක් ලෙසින් ජයගත්හ.
තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 4 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.