FAST NEWS

24×7 Around the Globe

සිංහයන් පරදා කැන්ගරුවෝ එක්දින තරඟාවලිය දිනති….

ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරඟාවලිය 3ට -0ක් ලෙස පරාජයට පත්වුවද එක්දින තරඟාවලියේ ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි එක්දින තරඟය කඩුළු 6කින් ජය ගැනීමත් සමගය.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 212ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පන්දුවාර 31දී කඩුළු 4ක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඒ. ෆින්ච් පන්දු 19දී ලකුණු 55ක් ලබාගනිමින් තැබූ වේගවත් අඩිතාලමට ශක්තියක් වූ ජෝජ් බේලි තරඟය නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 85දී ලකුණු 90ක් ලබා ගනිමින් කණ්ඩායම ජය කරා ගෙන ගියේය.

පන්දු යැවිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා වූයේ සචිත් පතිරණ වන අතර ඔහු ලකුණු 37ට කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනූව දෙරට අතර තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය මේවන විට 3ට1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටියි.

1(3140) 2(2528)