FAST NEWS

24×7 Around the Globe

සරාගි නිළි සනි ලියොන් අලුත්ම චිත්‍රපටයක.

බොලිවුඩයේ ‘බාබිඩෝල්‘යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සරාගි නිළි සනි ලියොන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු සිදු කරනවා.

රජිව් වාලියා නම් නවක අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණය වන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ “තෙරා ඉන්තසාර්” නමින්.

මෙහි සනී ලියොන් සල්මාන් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරු අර්බාස් ඛාන් හා අමීර් ඛාන්ගේ ඥාති සොහොයුරු ආර්යා බබ්රා සමගින් රංගනයෙන් දායක වෙනවා.

මොවුන් දෙදෙනාම සනී ලියොන් සමගින් රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙන්ම, රජිව් වාලියාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්.
“තෙරා ඉන්තසාර්” චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක්.