FAST NEWS

24×7 Around the Globe

යුද සමයේ අවසන් කාලයේ එකල ආරක්ෂක ලේකම් කරපු දෙයක් එළියට ?

උතුරු පැවති යුද සමයේ අවසන් කාලයේ කොටි සංවිධානයේ ප‍්‍රධානීන් 200කට ආසන්න ප‍්‍රමාණයක් එකල ආරක්ෂක ලේකම්වරයාගේ අනුග‍්‍රහය යටතේ මුදල් දී රටින් පැන ගොස් ඇති බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි.

එසේ රටින් පැන ගිය කොටි නායකයින්ද අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ නම් කර සිටින බැවින් ඔවුන් ගැනද සොයා බැලිය යුතු බවත්, ඒ සදහාද අතුරුදන්වූවන්ගේ කාර්යාලය පනතින් ඉඩ ලැබෙන බවත් අමාත්‍යවරයා කියයි.

විදේශ ගතවූ පුද්ගලයින්ද අතුරුදන් වූවන් ලෙස ලැයිස්තු ගත කර ඇති නිසා ඔවුන් ගැනද සොයා බැලිය යුතු බවත්, නව පනතින් ඊට ඉඩ ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.