FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප 65 වැනි සමුළුවට හිටපු ජාතික සංවිධායකට ඇරයුම් නැ.

ලබන මස 4 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුවට පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට ආරාධනා කර නොමැති බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයායි. පසුගිය මහ මැතිවරණයට ඔහු තරග නොකළ අතර 2010 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට ශ්‍රීලනිපයෙන් තරග කර ලක්ෂ හතරකට අධික මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය.