රාජිත  පුතු සිරිකොත හා ශ්‍රීලනිප මුලස්ථාන වැටලීමට යයි…

රාජිත පුතු සිරිකොත හා ශ්‍රීලනිප මුලස්ථාන වැටලීමට යයි…

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ජාතික සමුළුව (21) කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහි නායකයා ලෙස කටයුතු මෙහෙයවන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා විසින්.

සමුළුව අවස්ථාවේදී එහි කථාවක් පවත්වමින් ඒ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක්ද  එල්ල කළා.

ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලිඅත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලිඅත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලා බෙලිඅත්තෙන්ම ඔබේ දේශපාලන ජීවිතය අවසන් කරන්න යැයි පවසමින්.

සේනාරත්න මහතා පවසා සිටියේ රුපියල් දෙදහස බැගින් දීලා, රුපියල් දෙලක්ෂය බැගින් බස් වලට දී මාතරට සෙනඟ ගෙනාවා.
බෙලිඅත්ත මහින්ද රාජපක්ෂ මහතාගේ ගමේ මැදමුලන වලව්ව ඉදිරිපිට බස් දෙක පුරවා ගන්න පැය තුනයි විනාඩි 41ක් රාජපක්ෂ මහත්තයාගේ පිරිස රස්තියාදු වුණා. අප ළඟ වීඩියෝ තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ චතුර සේනාරත්න මහතා පවසා සිටියේ යහපාලනයේ එක පොරොන්දුවක් වුණා.

දූෂිතයන්ට නාමයෝජනා නොදෙන බව කිව්වා.

එසේ දී තිබුණොත් අපි ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයයි සිරිකොතයි වටලනවා