FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ මාතර මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට?

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ලඟදීම රජයට සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට රජයේ ප්‍රබල ඇමතිවරයෙකු සූදානම් බව වාර්තාවේ.

සාකච්ඡා පැවැත්වීමට සූදානම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර එක් අයෙක් මාතර නියෝජනය කරන වමේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බව වාර්තා වේ.

මෙලෙස ආණ්ඩුවට එක්කර ගැනීමට සූදානම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දූෂණ චෝදනා එල්ල වී නොමැති මහත්මා දේශපාලනයේ නිරතවූ පිරිසක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.