FAST NEWS

24×7 Around the Globe

ලංකාව තුල මේ වන විට ක්‍රිකට් උන්මාදයක්.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිත 4වන එක්දින තරඟය නැරඹීම වෙනුවෙන් නිකුත් කරනු ලබන සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ මෙම තරඟය පැවැත්වීමට නියමිතය.ඔස්ට්‍රේලියාව සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණයත් සමග ලංකාව තුල මේ වන විට ක්‍රිකට් උන්මාදයක් බවට පත්ව තිබේ.