පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් වාහනයක් ගෙන්වීම සඳහා ණය මුදලක් ද එම මන්ත්‍රීවරුන්ට ලබා දීමේ උත්සාහයක් දියත් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ණය මුදල ඉල්ලුම් කළහොත් ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙසීයක මුදලක් මුදාහැරීමට බැංකුවට සිදු වනු ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
ලබා දී ඇති වාහන බලපත්‍රය මගින් පමණක් ලක්ෂ 280 ක් දක්වා වූ තීරු බදු සහනයක් මන්ත්‍රීවරුන්ට ලැබෙන බවත් මෙවැනි ණය මුදලක් ලබාදීමටත් වඩා එම ණය මුදල ලබාගැනීමටත් පෙර මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය විශාල මුදලකට විකුණා දැමීම ඉතා බරපතල තත්වයක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
කෙසේ නමුත් එම ණය මුදල ලබා නොගැනීමට සිය පක්ෂය තීරණය කළ බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමග කළ සංවාදයකදී ප්‍රකාශ කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කර ඇත්තේ වෙන් කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
‘මම පාවිච්චි කරන්නේ කලින් ඇමතිවරයෙක් පාවිච්චි කළ වාහනයක්. ඒ වගේ වාහන දහස් ගණනක් ගාල් කරලා තියෙනවා. ඒවා හෝදලා රෙපයාර් කරලා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉන්නේ රටේ ණය ගෙවා ගන්න බැරි තත්වයක.’ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසී ය.
රුපියල් කෝටි දෙසීයක බරක් මහජනතාව මත පැටවීමට තමන් සූදානම් නැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.