FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවිම ගැන නැවතත් අවධානය.

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට නැවත වරක් වාර්තා වී තිබෙන බව පාකිස්තාන කණ්ඩායමේ කළමනාකරණය ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවයට පවසා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (21) නිමාවූ පළමු ටෙස්ට් තරගයෙන් පසුව හෆීස්ගේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වී තිබේ.

තරගයේදී හෆීස් පන්දුවාර 30ක් යොමු කර කඩුලු දෙකක් දවාගත්තේය.